0

අපි දැනටමත් දන්නව variable එකක් බාවිතා කරල කෙහොමද දත්ත ලිවීම සහ කියවීම කරන්නේ කියල. ඒ වගේම අපිට හැකියාවක් තියනව මේ variables වෙනස් කරල අපේ program එකේ හැසීරීමේ යම් වෙනස් කම් සිදුකරන්න. 

මුලින්ම අපි බලමු මේ assignment operator(=) එක, අපිට පුලුවන් මේක බාවිතා කරල variable එකකට යම් වටිනාකමක් ලබා දෙන්න. 

int x;
x = 5;


x = 5 මෙකේන් අදහස් වෙන්නේ x සමානයි 5 කියන දේ නෙමේ. x කියන variable එකට 5 කියන වටිනාකම ලබාදීමක් තමයි සිද්ද වෙන්නේ. ඒ වගේම C++ වලදී සමාන ලකුනු දෙකක් බාවිතා කරන operator එකකුත් තියනව x == 5 මෙහිදී සිද්ද වෙන්නේ x කියන variable එකට 5 කියන වටිනාකම ලබාදීමක් නෙමෙයි x variable එකේ වටිනාකම 5 ද යන්න සොයා බැලීමක්. ඉතින් මේ දේ මම ගොඩක්ම කෙටියෙන් තමයි පැහැදිලි කරේ මොකද ඉදිරියේදී අපි බාවිතා කරන if සහ loops කියන statements වලදී මේ දෙවල් ගොඩක් බාවිතා වෙනව. එහිදී ඔයාලට බාවිතය මගින් ගොඩාක් මේ දේවල් අවබෝද කරගන්න පුලුවන්. 

ඒ වගේම අපිට පුළුවන් ගණිතයේ බිවිතා වෙන සංඛෙතත් බාවිතා කරන්න. 

  •  *   Multiplies two values
  •  -   Subtracts two values
  •  +  Adds two values
  •  /   Divides one value by another

මේ විදිහට තමයි ඒවා බාවිතා වෙන්නේ: 

a = 4 * 6;     // a variable එක 24 යන අගය ලබාගනී. 
a = a + 5;    // මෙහිදි සිදුවන්නේ අපි a ට ලබා දුන්න අගයට 5 ක් එකතු කරල නැවත a variable එකේ store කරනව. 

හොඳයි අපි ඊලඟට බලමු කොහොමද කෙටි ක්‍රමයකට variable එකකට අගයක් එකතු කිරීම සහ අඩුකිරීම කරන්නේ කියල. 

int x = 0;
x = x + 1;


මේකෙන් සිද්ද වෙන්නේ මුලින්ම x කියන variable එකට 0 කියල අගයක් ලබාදෙනව. ඊට පස්සේ නැවතත් x ට 1 ක් එකතු කරල x ගේ අගය update කරනව. මොන එහෙකටද 0 දුන්නේ මුලින්ම 1 දුන්නනම් ඉවරයිනෙ නේද. නෑ නෑ එහෙම බෑ ඒකට හේතුවක් තියනව මේ වගේ pattern බාවිතා වෙන්නේ loops කියන concepts එකේදි. ඔයාලට ඉස්සරහට බලාගන්න හොඳින් තේරුම් ගන්න පුලුවන්. 

අපිට මේකම මේ විදිහට ලියන්නත් පුලුවන්. 

int x = 0;
x++;


මේකෙත් අවසානයේදී x ගේ අගය වෙන්නේ 1 තමයි. අපි මේ (++) operator එකට කියනව increment operator එකක් කියල. 

අපිට මේ operator එක අනිත් පැත්තට බාවිතා කරන්නත් පුලුවන් මේ විදිහට (--) අගයක් අඩු කිරීමට එහිදී අපි ඒකට කියනව decrement operator එකක් කියල. ඔයාලට මේක දැක්කහම යම් අදහසක් එනව ඇති කොහොමද මේ C++ වලට මේ නම ලැබුෙන් කියල. මං ඔයාලට C++ හඳුන්වා දීමේ post එකේදි කිවුව C++ කියන language එක හැදිල තියෙන්නේ C කියන language එක මත පදනම්ව කියල. ඉතින් මේ C++ කියන එකේ ඇත්තම තේරුම තමයි “C plus one” c ට එකක් එකතු කරල හදපු අලුත් language එකක්. 

මේ වගේ තවත් shortcut operators කීපයක් තියන variable එකකට value එකක් දෙන්න පුලුවන් විදිහේ.

x += 5;   // x ට කලින් ලබා දී තිබූ අගයට තට 5 ක් එකතු කරල නව අගයක් ලබාදීම. 

මේ විදිහට අඩුකිරීම, ගුණකිරීම, බේදීමත් කරන්න පුලුවන්: 

x -= 5; 
x *= 5; 
x /= 5; 


අවසාන වශයෙන් ++ සහ -- මේ operators අපිට variable එකට පසුව වගේම variable එකට ඉදිරියෙනුත් යොදන්න පුලුවන්. 

--x;
++y;


මේක බාවිතා වෙන අවස්තාවක් තමයි අපි variable එකේ අගය cout කරනවනම්, 

int x = 0;
cout << x++;

මේ විදිහට ලිවුවොත් output එක ලැෙබන්නේ x හී අගය 0 ලෙසමයි ඒකට හේතුව තමයි operator එක තියෙන්නේ x ට පස්සේ නිසා ක්‍රයාත්මක වෙන්න කලින් x හී අගය පෙන්නනව.

int x = 0;
cout << ++x;

මේ විදිහට යෙදීමෙන් x ගේ නව අගය ලබාගන්න පුලුවන්.

හොඳයි අපි මෙතෙක් ඉගන ගත්ත දේවල් බාවිතා කරල පොඩි program එකක් හදන්නයි යන්නේ ඇත්තටම පොඩි calculator එකක්.
මෙන්න code එක:

---------Don't copy/past the code write it yourself---------

#include <iostream>
using namespace std;
int main()
{
    cout << "This is a small calculator in C++ \n";
    int first_argument;
    int second_argument;
    cout << "Enter first argument: ";
    cin >> first_argument;
    cout << "Enter second argument: ";
    cin >> second_argument;
    cout << first_argument << " * " << second_argument << " = " <<
    first_argument * second_argument << endl;
    cout << first_argument << " + " << second_argument << " = " <<
    first_argument + second_argument << endl;
    cout << first_argument << " / " << second_argument << " = " <<
    first_argument / second_argument << endl;
    cout << first_argument << " - " << second_argument << " = " <<
    first_argument - second_argument << endl;
}


මේ විදිහටම නැතුව වෙනස් විදිහටත් හදල බලන්න උදා:- දශම සංඛ්‍යා බාවිතා කරන්න පුලුවන් වෙන්න එහෙම.
හොඳයි එහෙනම් ගනන් ටිකක් එහෙම හදන්නකෝ ඊලඟ post එක දානකන්. 

Post a Comment

 
Top