0
හොඳයි අපි කලින් පාඩම් වලදී ඉගන ගත්තා කොහොමද අපි විසින් දෙන information(තොරතුරක්) එකක් කොහොමද program එක හරහා display කරගන්නේ කියල. ඒ වගේම කොහොමද අපේ program එකට comments එකතු කරන්නේ කියල. නමුත් අපිට අවශ්‍යනම් යම් තොරතුරක් program එකට පිටතින් ලබාගන්න අපි කොහොමද ඒක කරන්නේ?

අපි අද ඉගන ගන්න යන්නේ ඒ ගැන තමයි. program එකට පිටතින් අපි තොරතුරු ලබාගන්නකොට එම තොරතුරු program එක තුල ගබඩා කරගැනීමේ හැකියාවක් තියෙන්න ඔනේ. ඉතින් මේ තොරතුරු store කරගන්න තමයි අපි variables බාවිතා කරන්නේ. මෙහිදී විවිද විවිද වර්ගයේ තොරතුරු store කරගන්න අපි විවිද විවිද වර්ගයේ variables බාවිතා කරනව. මේ තොරතුරු store කරගන්න නම් අපි මුලින්ම කරන්නේ අපි ඒ සඳහා යොදා ගන්ගා variable එක compiler එකට හඳුන්වා දෙන්න ඔනේ. අපි ඒකට කියනව variable එකක් declare කරනව කියල. ඉතින් මේ variable declare කිරිමේදී ඒකට යොදා ගන්නා ක්‍රමවේදයක් තියනව ඒ තමයි. මුලින්ම අපි දෙන්න ඔනේ අපි බාවිතා කරන variable එකේ data type එක ඊලඟට අපි ඒ variable එකට ලබා දෙන name එක.

අපි ගොඩක්ම බාවිතා කරන මූලික data type කීපයක් තමයි char, int, සහ double කියන්නේ. මේ char කියන data type එකේදි අපට store කරගන්න පුලුවන් single character එකක් විතරයි, ඒවගේම මේ int කියන data type එකේදි අපට store කරගන්න පුලුවන් integers(පූර්ණ සංඛ්‍යා) පමනයි, සහ මේ double කියන data type එකේදී අපට පුලුවන් දශම ස්ථාන සහිත සංඛ්‍යා store කරගන්න. ඉතින් මේ හැම data type එකකම මේ නමම තමයි keyword එක විදිහට අපි බාවිතා කරන්නේ variable එක declare කිරීමේදී.


Declaring variables in C++

මං කලින් කිවුව වගේ අපි variable එකක් බාවිතා කරන්න කලින් මුලින්ම ඒ variable එක declare කරගන ඉන්න ඔනේ. ඉතින් මේ variable එකක් declare කිරීමේදී රීතිය තමය් මුලින් data type එක සහ පසුව variable එකේ නම. 

අපි පොඩි උදාහරනයක් බැලුවොත් :-

int whole_number;
char letter;
double number_with_decimals;

ඒ වගේම අපිට පුලුවන් එකම වර්ගයේ variables කීපයක් තියනවනම් එවා මේ ආකාරයට declare කරන්න.

int a, b, c, d;

variables බාවිතය.

හොඳයි අපි දැන් දන්නව කොහොමද compiler එකට variable එකක් declare කරන්නේ කියල. දැන් බලන්න යන්නේ මේ declare කරපු variable එක කොහොමද බාවිතා කරන්නේ කියල. ඉතින් මේ variable එකක් තුල store කරන්න අපිට data එකක් අවශ්‍යයි අපි ඒ data අපේ program එකට ලබා ගන්න බාවිතා කරනව cin (උච්චාරනයේදී සී ඉන්) කියන object එක. මේක හරියටම cout වල විරුද්ද පැත්ත වගේ. හොඳයි අපි බලමු cin බාවිතා කරල අපේ variable එකට data එකක් store කරගන්න ආකාරය.


#include <iostream>
using namespace std;
int main ()
{
    int thisisanumber;
    cout << "Please enter a number: ";
    cin >> thisisanumber;
    cout << "You entered: " << thisisanumber << "\n";
}

අපි line එකින් එක අරන් බලමු මොකද වෙන්නේ කියල. මුල් line 3 ගැනනම් කියන්න යනනේ නෑ මොකද ඔයාල දැනටමත් දන්නවනේ. අපි එතනින් එහා ටික ගැන බලමු.

int thisisanumber;

මේකෙන් කරන්නේ thisisanumber කියන variable එක int data type එකෙන් declare කරන එක.

cin >> thisisanumber;

cin >> මේ function එකෙන් කරන්නේ user type කරන value එක thisisanumber කියන variable එකේ store කරගන්නව.

මං ඔයාලට කලින් program එකේදි කිවුවා ඔයාලගේ program එක cmd එකේ්න් open කරොත් ඉක්මනින්ම exit වෙනවනම් මෙන්න මේ line එක "cin.get()" එකතු කරන්න කියල code එකේ අවසානයට. නමුත් මේ program එකේදි ඔයාල මෙ line එක එකතු කරත් ඒ ගැටලුව දිගටම තියෙන්න පුලුවන්. ඒකට හේතුව තමයි මෙ "cin.get()" කියන line එකෙන් අදහස් වෙන්නේ program එක user ගේ key presse එකක් බලාපොරොත්තුවේන් රැඳීසිටීමයි. නමුත් මේ program එකේදී variable එකට value එකක් store කරන්නනම් value එක type කරල enter key එක presse කරන්න සිද්ද වෙනව එහිදී ඒ key pressed සිග්නල් එක මේ cin.get() line එකත් ගන්නව ඒ නිසා program එක ඉක්මනින්ම exit වෙනව. ඒකට කරන්නේ අපි මෙන්න මේ විදිහට තව line එකක් program එකට එකතු කර ගන්නව.


    cin.ignore();
    cin.get()
}

මෙහිදී සිද්ද වෙන්නේ පලවෙනි key presse එක ignore කරල තව key presse එකක් බලාපොරොත්තුවේන් රැඳීසිටීමයි.

හොඳයි එහෙනම් ඔයාල මේ program එක run කරල බලන්න. තව ඔයාලට පුලුවන් int data type එක වෙනුවට අනිත් data type දෙකත් බාවිතා කරල බලන්න එහිදී data type එක විතරයි මාරු කරන්න අවශ්‍ය වෙන්නේ code එකේ වෙන මුකුත් වෙනස් කරන්න ඔනෙ නෑ. අපි ඊලඟ පාඩමෙන් හම්බවෙමු.

Post a Comment

 
Top