7


මං හිතනව දැනටමත් පහුගිය පාඩම් වලට අනුව ඔයාගේ පරිඝණකයේ development environment එක හදාගන ඇති කියල. ඒ කියන්නේ ඔයා දැනටමත් program එකක් නිර්මාණය කරල run කරන්න පුලුවන් තත්වයේ ඉන්නවා. ඒක ලොකු දෙයක්.

මේ පාඩමේදී මං බලාපොරොත්තු වෙනව මේ දේවල් ගැන කතා කරන්න ඒව තමයි, අපි දන්නවා program එකක් නිර්මාණය කිරීමේදී අපිට source codes ලියන්න වෙනව මං කලිනුත් කිවුවනේ C++ කියන language එකට ආවේනික වූ වචන මාලාවක් තියනව. ඒ වචන මාලාව උපයෝගී කරගන තමයි මෙ source code එක ලියන්නේ. ඉතින් මේ වචන මාලාවේ නැවත නැවත යෙදෙන සංකල්පයන් කීපයක් ගැනත් ඒ වගේම කොහොමද program එකක් ව්‍යූහගත(structured) කරන්නේ, ප්‍රධාන කාර්යන්(main function) මගින්. ඒ වගේම program එකකට කෙොෙහාමද comments එකතු කරන්නේ. සහ පොඩි මග පෙන්වීමක් කරනවා කොහොමද programmer කෙනෙක් වගේ හිතන්නේ කියල.

සරල program එකකින් පටන් ගමු.

මේක ඉතාමත් සරල program එකක් මේකේ කිසිම output එකක් අපිට දකින්න බෑ අපි පියවරෙන් පියවර ඉදිරියට යං.

int main ()
{
}

අපි බලමු මෙහි පලවෙනි line එකෙන් මොකක්ද කරන්නේ කියල.

int main ()

මුලීකවම මෙයින් අදහස් වෙන්නේ function(කාර්ය) එකක් තියනව ඒකේ නම තමයි main(ප්‍රධාන) කියන එක. ඒ වගේම මේ main function එක C++ program එකක අඩංගු එකම function එක වෙන්නේ. තව දෙයක් තමයි ඔයාගේ program එක run කරනවිට මේ main function එකෙන් තමයි ඒක පටන් ගන්නේ.

curly braces(සඟල වරහන්), { සහ }. මෙමගින් කරන්නේ program එක පටන් ගන්නා ස්තානය සහ අවසන් වන ස්තානය දැක්වීමක්. ඔයාලට හිතන්න පුලුවන් මේ තමයි program එකේ පටන් ගැන්ම සහ අවසානය කියල. ඒ වගේම තමයි  curly braces දෙක අතර කිසිම දෙයක් නෑ කියන්නේ ඒ function එකෙන් කිසිම දෙයක් සිද්ද වෙන්නේ නෑ කියන එකයි. ඒ කියන්නේ ඔයා මේ program එක run කරාට කිසිම output එකක් ලැබෙන්නේ නෑ. හොඳයි දැන් අපි තව ටිකක් ඉස්සරහට යමු.

#include <iostream>

using namespace std;

int main ()
{
      cout << "HEY, you, I'm HACKER, and Hello World!\n";
}

හැම දේටම කලින් කියන්න ඕනේ ඔයාලට පේනව ඇති මේ program එක් curly braces දෙක අතර යම් line එකක් තියනව. so එකෙන් අදහස් වෙන්නේ මේ program එකේ යම් output එකක් තියනව කියන එකයි.

අපි පලවෙනි line එකෙන් පටන් ගමු.

#include <iostream>

මේ include කියන statement(ප්‍රකාශනය) එකෙන් කරන්නේ අපේ compiler එකට දැනුම් දෙනව iostream කියන header file එක ප්‍රභව කේතයට(source code) එකතු කරන්න කියල program එක execut කරන්න කලින්. මේ header files කියන්නේ compiler එකත් එක්ක එන code කීපයක්. Borland compiler එකේ නම් මේ files තියෙන්නේ Include කියන folder එක ඇතුලේ. #include මේ විදානය බාවිතා කරල අපිට පුලුවන් අදාල header file එකේ තියන සියල්ල අපේ ප්‍රභව කේතයට එකතු කරගන්න. ඉතින් මේ header files හරහා තමයි අපි අපේ program එකට functions එකතු කර ගන්නේ.

හැම විටම අපිට functions වලට ප්‍රවේශ වෙන්න ඔන වුනහම, අපි මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ අදාල functions සහිත header file එක අපේ source code එකට include කරගන්න එක. අපිට අවශ්‍ය වන functions ගොඩක් තියන header file එකක් තමයි iostream කියන්නේ. ඉතින් ඔයාලට ඉදිරියට බලාගන්න පුළුවන් මේ include statements හරහ අපි මොනවද කරන්නේ කියල

include statement එකට පස්සේ තියන line එක තමයි:

using namespace std;

මේකට කියන්නේ boilerplate(බොයිලර්ප්ලේට්) code එක කියල මේය සෑම C++ program එකකම වගේ ඇතුලත් වෙනව. දැනට මතක තියා ගන්න හරියටම source code එකේ උඩින්ම තියන include statement එකට යටින් මේක තියෙන්න ඔනේ කියල. අපි මේ ගැන පසුව කතා කරනව හරිවටම boilerplate code එකෙන් වෙන්නේ මොකද්ද කියන එක ගැන. so දැනට අමතක නොකර මේ line එක add කරන්න.

ඒ වගේම ඔයල දැක්කද මේ line එක අවසානයේ semicolon(තිත් කොමාව) එකක් add කරල තියනව. මේ semicolon එකක් add කරන එක C++ programming syntax(කාරක රීති) වල කොටසක්. යම් statement එකක් අවසාන වෙන ස්ථානය compiler එකට දැනුම් දීම තමයි මේ semicolon එකෙන් සිද්ද වෙන්නේ. බොහොමයක් new programmers ලා කරන ලොකුම වැරද්දක් තමයි මේ semicolon එක යොදන්න අමතක කරන එක. so ඔයාගේ program එක හරියට වැඩ කරන්නේ නැත්නම් ඉස්සරලාම බලන්න ඔන දේ තමයි semicolon හරියට යොදලද කියන එක.

හොඳයි ඊලඟට අපිට තියෙන්නේ main function එක ඒ කියන්නේ program එක පටන් ගන්න ස්ථානය:

int main ()


මේක තමයි අපිට ඊලඟට හම්බවෙන line එක.

cout << "HEY, you, I'm HACKER, and Hello World!\n";

C++ වලදී cout (උච්චාරණයේදී "සී අවුට්") කියන object එක බාවිතා කරන්නේ text එකක් දර්ශනය කරගැනීම සඳහායි. අපි මේ cout බාවිතා කිරීම සඳහා තමයි iostream header file එක included කරගත්තේ.

cout object එකේදි අපි << සංකේතය බාවිතා කරනව අපේ output එක පෙන්වා දෙන්න. කෙටියෙන් කියනවනම් මෙහි(cout <<) ප්‍රතිඵලය වන්නේ function එක හරහ යම් text line එකක් ඉදිරිපත් කරන එක. programming වල සමහර අවස්තාවන් තියනව අපිට හරියටම සිංහලෙන් නියම අදහස දෙන්න අමාරුයි මොකද එහෙම කරන්න ගියොත් ඒවගේ අදහස වෙනස් වෙනව. ඒ කියල මට English වලින් ලැහැදිලි කරන්නත් බෑනේ මොකද මේක සිංහලෙන් programming නේ. ඉතින් මං හිතනව ඔයාලට මේ විදිහට තේරෙනව ඇති කියල.
සාමාන්‍යයෙන් අපි මේ වගේ function එකක result එකට කියනව argument එකක් කියල. මේ Functions ඒ Function එකට අදාල arguments ගන්නේ එහි code එක මගින්. මේ අවස්තාවෙදී ඔයාලට පේනව ඇති මේ text string එක තමයි Function එකේ argument එක විදිහට ඉදිරිපත් කරන්නේ.

[""] මෙමගින් තමයි compiler එකට උපුටා දක්වන්නේ මෙහි ඇතුලත් text string එක output එකක් විදිහට දෙන්න ඔන කියල. ඊලඟට වැදගත් එකක් තමයි මේ newline sequence (\n) එක. මේක C++ වල ක්‍රියා කරන්නේ single character එකක් විදිහට. මෙමගින් කරන්නේ මූලිකවම හරියට අපි enter key එක එබුවහම අපේ cursor එක ඊලඟ Line එකට වැටෙනව වගේ දෙයක්. ඒවගේම ඔයාලට දකින්න පුලුවන් අපි ඉදිරියේදි විශේෂ value එකක් බාවිතා කරනව end1 කියල. මේකෙන් සිද්ද වෙන්නේත් මේ දේම තමයි ඒ කියන්නේ උදාහරනයක් දුන්නොත්:
cout << "Hello" << endl

cout << "Hello\n"
ඔයාලට පෙනව පලවෙනි line එකේ මං බාවිතා කරල තියනව end1 කියන value එක ඒ වගේම දෙවනි line එකේදි ඒ වෙනුවට newline character එක බාවිතා කරල තියනව මේ lines දෙකේම output එක 100% ක් සමානයි. මෙවාගේ වැඩිදුර බාවිතය පිලිබඳ අපි ඉදිරියට කතාකරමු.

ඊලගට line එක අවසානයේ ඔයාලට පේනව ඇති මම semicolon එකක් බාවිතා කරල තියනව. function එකක් නම් ඉතින් අපි අනිව මේ semicolon එක යොදන්න ඕනේ. 

අවසාන වශයෙන් curly brace එක බාවිතා කරල function එක වහල දාන්න ඔනේ. ඔයාල අනිවාර්යෙන්ම මේ program එක run කරල බලන්න මේක ගොඩක් පොඩි program එකක් copy paste කරන්නනම් එපා මම recommend කරන්නේ ඔයාල අතින්ම මේක ලියන එක හොඳයි කියල. මොකද ඒක ඔයාලට උදවු වෙනව පොඩි දේවල් පවා හොඳින් හඳුන ගන්න.

ඉතින් මේ program එක run කරල විතරක් නිකන් ඉන්න එපා ඔයාලට පුලුවන් මෙක වෙනස් කරල බලන්න වෙනත් lines බාවිතා කරල බලන්න. ඔයාල දන්නව language එකක් ඉගන ගන්න හොඳම ක්‍රමය තමයි Thinking & Speaking ඉතින් මේ programming language එකක් ඉගන ගන්න හොඳම ක්‍රමය තමයි Thinking & Executing.


ඔයාගේ Program එක පෙන්නන්නේ නැත්නම් මොකද කරන්නේ?

ඔයාල බාවිතා කරන operating system එක සහ compiler එක අනුව මම මේ දීල තියන programs ඔයා run කරපුවහම ඒකේ result එක බලාගන්න කලින් program එක ඉක්මනින්ම close වෙලා යනවනම් හරියට flash වෙනව වගේනම් මොකද කරන්න ඔනේ. මම ඔයාලට කලින් පාඩම් වලදී කියල දුන්න environments බාවිතා කරනවනම් ඔයාලට මේ ගැටලුව එන්නේ නෑ නමුත් ඔයාල වෙන ක්‍රමයකට නම් මේ program එක run කරන්නේ ඔයාලට ඒ ගැටලුව එන්න පුලුවන්. ඒක නිවැරදි කර ගන්න පුලුවන් program එකට මේ line එක එකතු කිරීමෙන්.

cin.get();

මේක හරියටම program එකේ අවසානයට තමයි අපි එකතු කර ගන්න ඔනේ. මේකෙන් කරන්නේ ඔයා key එකක් press කරනකන් Program එක closes නොවී තියාගන්නව. so ඔයාලට පුලුවන් result එක හොඳින් බලාගන්න.

ඔන්න video කෑල්ලකුත් දැම්ම වැඩේ කෙරෙන හැටි.
තේරුන් නැති තැනක් තියනවනම් අහන්නකො හොඳද.

Post a Comment

  1. සුපිරියි ආ. සමහර දේවල් ටිකක් අවුල් වගේ :D . නොදන්නා කම නිසා වෙන්න ඇති. ඉස්සරහට යද්දි හරියයි. ඉස්සෙල්ල පාඩම් වල විදිහට කොම්පුව හදාගත්තෙ නෑ තාම. ඊට පස්සෙ මේක ට්‍රයි කරලා බලන්නම්. දිගටම කරගෙන යන්න. ජය වේවා !

    ReplyDelete
  2. තේරුනේ නැති තැනක් තියනවනම් අහන්න මං කියල දෙන්නම්. අදහස් දැක්වුවට ස්තූතියි. :) :)

    ReplyDelete
  3. ගොඩක් ස්තූතී කියල දුන්නට.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතී කියල දුන්නට. (o)

    ReplyDelete

 
Top