4
ලිනක්ස් වලට එන්න බලන් ඉන්න ගොඩක් කට්ටියට තියන ප්‍රශ්ණයක් තමයි කොහොමද හරියට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පරිඝණකයේ ස්තාපනය කරගන්නේ කියල. ඒ මොකද වින්ඩෝස් වලට වඩා ටිකක් වෙන්ස් ක්‍රමයක් තමයි ලිනක්ස් වලදී බාවිතා වෙන්නේ. ඇත්තම කිවුවොත් ලේසි සහ ඉක්මන් ක්‍රමයක්.

ඉතිං ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් නිවැරදිව ස්තාපනය කරන විදිහ. මං මේකෙදි බාවිතා කරන්නේ Ubuntu based OS එකක් වන elementary OS කියන මෙහෙයුම් පද්ධතියේ 0.2 Luna කියන සංස්කරණයයි. දැනටමත් ලිනක්ස් බාවිතා කරන කෙනෙක් කියයි ඔක මහ ලොකු දෙයක්ද කියල. ඒ නිසා කියන්න ඔනේ මම මේ පෝස්ට් එක දාන්නේ එක පාරක්වත් ලිනක්ස් install කරල නැති අලුතින්ම ලිනක්ස් වලට එන්න බලාගන ඉන්න පිරිස වෙනුවෙනුයි. ඒක නිසා මම මෙතනදි කරන්න යන්නේ දැනටමත් වින්ඩෝස් ස්තාපනය කරල තියන පරිඝණකයක. වින්ඩෝස් තිබියදීම ලිනක්ස් ස්තිපනය කර බාවිතා කිරීමයි. සිංහලෙන් කියනවනම් ලිනක්ස් සහ වින්ඩෝස් dual boot කරන විදිහ. මෙතනදි ඔයා මුලින්ම ලිනක්ස් වලට එන කෙනෙක්නම් මම වගකීමෙන් කියනවා අනිවාර්යෙන්ම වින්ඩෝස් සමග dual boot විදිහට ලිනක් දාගන්න එහෙම නැත්නම් ඔයාට දවසින් ලිනක්ස් එපා වෙනව මොකද අපි ඒ තරමටම වින්ඩොස් වල වහලුන් බවට පත්වෙලා ඉන්නේ.

හොඳයි වැඩේට බහින්න කලින් මුලින්ම මම මේ OS එක ගැන ටිකක් කියල ඉන්නම්. කලින් කිවුව වගේ මේක Ubuntu based OS එකක්. ඒ වගේම මේ OS එකටම අයිති desktop shell එකක් තමයි බාවිතා කරන්නේ ඒකේ නම තමයි Pantheon. සහ තවත් applications කිපයක් ගත්තොත් Plank, Midori web browser, Scratch text editor සහ Gala window manager එක විශේෂ වෙනව. තව දෙයක් මේ OS එක බාවිතා කරන්නේ Ubuntu software center එකම තමයි.

පියවර 1

මුලින්ම www.elementaryos.org වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් නොමිලේම මේ OS එක බාගත කරගන්න.


පියවර 2

Download කරගත්ත iso file එක ඔයාලට පුළුවන් සි.ඩී එකකට බර්න් කරගන්න එහෙම නැත්නම් pen drive එකක් හරහා වුනත් පරිඝනකයේ ස්තාපනය කරගන්න පුළුවන්. මම මෙතනදි pen drive එකක් මගින් තමයි ස්තාපනය කරන්නේ. අපි බලමු කොහොමද මීට අවශ්‍ය විදිහට pen drive එකට iso file එක දාගන්නේ කියල. මේ සඳහා පොඩි application එකක් බාවිතා කරන්න වෙනව. මම බාවිතා කරන්නේ LinuxLive USB Creator එක. ඔයාලට ඔනනම් මේකට unetbootin වගේ එකක් වුනත් බාවිතා කරන්න පුළුවන්.

LiLi මෙතනින් Download කරගන්න. - www.linuxliveusb.com

unetbootin මෙතනින් Download කරගන්න. -  http://sourceforge.net/projects/unetbootin/files/latest/download



හොඳයි අපි මේ විදිහට අපිට අවශ්‍ය දේවල් ටික හදාගන්න ඕනේ.


පියවර 3

ඔයාලගේ pen drive එක පරිඝණකයට සම්බන්ද කරල LiLi open කරගන්න


1 - ඔයාගේ pen drive එක තෝරලා දෙන්න
2 - Download කරගත්ත iso file එක තෝරලා දෙන්න
3 - 256 mb ප්‍රමාණයක් ලබාදෙන්න
bootable pen drive එක creat වෙන්න ටික වෙලාවක් යයි.


පියවර 4


දැන් කරන්න තියෙන්නේ ලිනක්ස් සඳහා partition එකක් තෝරගන්න එක. දැනටමත් ඔයාලගේ පරිඝණකයේ වින්ඩෝස් තියන නිසා අපිට බෑ C partition එක මේ සඳහා යොදා ගන්න. එම නිසා වෙනම empty partition එකක් නිර්මාණය කරගන්න වෙනව. මම මෙතනදී බාවිතා කරන්නේ ගිගාබයිට් 40 ක පමන partition එකක්. නමුත් මේ සඳහා අඩුම වශයෙන් ගිගාබයිට් 20 ක පමන partition එකක් තිබීම ප්‍රමානවත්. ඔයාලගේ දැනට empty partition  එකක් නැත්නම් දැනට බාවිතා කරන partition එකක් Shrink කරල empty partition එකක් හදාගන්න.



පියවර 5

හොඳයි empty partition එක හදාගත්තනම් ඊලඟට කරන්න තියෙන්නේ අපි හදාගත්ත bootable pen drive එකෙන් පරිඝණකය boot කරගන්න එක. මෙය නම් පරිඝණකයෙන් පරිඝණකයට වෙනස් වෙන්න පුළුවන් බොහො පරිඝණක වල නම් පරිඝණකය boot වන අවස්තාවේ F10 හෝ F12 යතුර එබීමෙන් boot මෙනු එකට යන්න පුළුවන්. එතනදි boot from USB or Removable Media කියන option එක තෝරා දීම කරන්න ඔනේ.

පියවර 6

එතනදි ටික වෙලාවක් ගතවෙනවා පරිඝනකය pen drive එක මගින් boot වෙන්න අවසානයේ ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ තිරයක්.


 මෙතනදි ඔයාලට අවශ්‍යනම් කෙලින්ම install නොකර pen drive එකේ තිබියදීම වුනත් බාවිතා කරල බලන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම install කරනවනම් Install elementary os කිය බොත්තම ඔබන්න.

පියවර 7
මෙතනදී ඔයාලගේ පරිඝණකයට මෙම මෙහෙයුම් පද්ධතිය ස්තාපනය කිරීමට අවශ්‍ය සුදුසුකම් තියනවද කියලයි බලන්නේ. මෙතනදී අන්තර්ජාල සම්බන්ද තාවයක් තිබීම අනිවාර්ය නෑ. මොකද අපිට install කිරීමෙන් පසුව වුනත් ලේසියෙන්ම update කරගන්න පුළුවන්.

පියවර 8

1 - මෙතනදි අපි වින්ඩෝස් සමග dual boot ආකාරයෙන් install කිරීමට බලාපොරොත්තු වන නිසා මේ විදිහට ගන්න ඔනේ.


2 - ඉදිරියට යන්න.

පියවර 9
මෙතනදි තමයි අපිට ලිනක්ස් ස්තාපනය කිරීමට අවශ්‍ය partition නිර්මාණය කරගන්න ඕන. මෙහි දැක්වෙන්නේ අපේ පර්ඝණකයේ හාඩ් ඩර්යිව් එක. /dev/sda2/ මගින් පෙන්වන්නේ මම නිර්මාණය කරගත්ත empty partition එක ඊ්ට උඩින් වින්ඩෝස් ස්තාපනය කරල තියන C partition එකත් යටින් මගේ පරිඝණකයේ අනිත් partition එකත් පෙන්නනව. මුලින්ම අපි empty partition එක සිලෙක්ට් කරල ඒක ඩිලීට් කරගන්න ඕනේ.

පියවර 10
partition එක ඩිලීට් කරගත් පසු එම කොටස free space එකක් විදිහට තමයි පෙන්වන්නේ. සාමාන්‍යෙයන් ලිනක්ස් ස්තාපනය සඳහා අපිට partition 4 ක් නිර්මාණය කරන්න සිද්දවෙනව. එවානම්,

1 -  /boot – System boot installation
ප්‍රමාණය - මෙගාබයිට් 300 පමන.
Partition type: primary
File system type: ext2
Mount Point: /boot

2 - /   – File system installation
ප්‍රමාණය - අවශ්‍ය ප්‍රමාණයට.
Partition type: Logic
File system type : ext4
Mount Point: /

3 - /home – personal files storage
ප්‍රමාණය - අවශ්‍ය ප්‍රමාණයට.
Partition type: Logic
File system type : ext4
Mount Point: /home

4 - swap – Virtual memory dedicated partition
ප්‍රමාණය - RAM මතකය අනුව, සාමාන්‍යෙයන් RAM මතකය වගේ දෙගුනයක්.
Partition type: Logic
File system type : swap area

මේ විදිහට Partition 4ක් නිර්මාණය කරන්න සිද්දවෙනව. නමුත් මම මේ අවස්තාවේදී Partition 4ක් සදන්නේ නෑ. swap area එකක් සහ අනිත් සියල්ල සඳහා File system එක යොදාගෙන තමයි මම මෙතනදි ස්තාපනය කරන්නේ. නමුත් නිවැරදි ක්‍රමය ඉහත ආකාරයෙන් Partition 4ක් යොදා ගැනීමයි.

පියවර 11
 මුලින්ම free space එක සිලෙක්ට් කරල ADD බොත්තම ඔබල swap area එන හදා ගන්න ඕනේ මේ විදිහට. මෙතන මම ගිගාබයිට් 4 ක් තමයි බාවිතා කරන්නේ.

පියවර 12
swap area එක හැදුවට පස්සේ අපිට මේ විදිහට පෙනවා කලින් තිබු free space එකෙන් ගිගාබයිට් 4ක් අඩුවෙලා ඒක swap area එකක් විදිහට පෙන්නනවා.

පියවර 13
ඊලඟට ඉතුරු free space එක බාවිතා කරල මම මට අවශ්‍ය File system එක නිර්මාණය කරගන්නවා.

පියවර 14
මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම Partition කරගත්තට පස්සේ අවස්තාව. ඔයාලට පේනව ඇති මෙහි මුලින්ම තියනව වින්ඩෝස් Partition එක, ඊලඟට තියනව swap area එක සහ ලිනක්ස් ස්තාපනය සඳහා අවශ්‍ය File system එක. ඊලඟට install now බොත්තම ඔබන්න. දැන් ලිනක්ස් ස්තාපනය සඳහා සියල්ල සූදානම. ඊලඟට එන වින්ඩෝ ටික අපිට අවහ්‍ය ආකාරයට ෆිල් කර ගත්තහම වැඩේ සම්පූර්ණයි. 






දැන් වැඩේ අවසානයි. මීලඟට පරිඝණකය boot කරන අවස්තාවේදී ඔයාලට බලාගන්න පුළුවන්  ලිනක්ස් grub screen එක. එතනදී අපිට අවශ්‍ය OS එක තොරා දීමක් කරන්න ඕනේ. සමාන්‍යෙයන් default OS එක විදිහට තියෙන්නේ ලිනක්ස් OS එක තමයි. වින්ඩොස් boot කිරීම සඳහා එය තෝරා දිය යුතුයි. මීලඟ පොස්ට් එකෙන් grub එක වෙනස් කරල default OS එක විදිහට වින්ඩෝස් සකසන හැටි සහ ලිනක්ස් ස්තාපනයෙන් පසු මුලින්ම කල යුතු දෙවල් කීපයක් ගැන කියල දෙන්නම්. ස්තූතියි.
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

  1. Elementary OS වගේ එකකින් ඔයා අරම්භ කරපු එක හොදයි.

    නියමයි , නියමෙට පෝස්ට් එක දාලා තියනවා !! :D

    ReplyDelete
  2. mcn hard eka ara widihata penne na full ma 500gb penne ? ai e

    ReplyDelete
  3. C++ itiri padam tika ko 😔😔😔

    ReplyDelete

 
Top