1

programming language(ක්‍රම ලේඛන භාශාව) යනු කුමක්ද?

ඔබට ඔබේ පරිඝණකය පාලනය කිරීමට අවශ්‍යනම්, ඔබට පරීඝණකය සමග අදහස් හුවමාරු කරගැනීමට ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි programming language(ක්‍රම ලේඛන භාශාව) මිනිසුන් විසින් නිර්මානය කරල තියෙන්නේ. පරිඝණක ක්‍රමලේඛනයක් කියන්නේ එයටම ආවේනික වූ විශේෂ ව්‍යුහයක් සහිත වචන මාලාවක් හරියට පොතක් වගේ. මෙම භශාව මිනිසුන්ට තේරුම් ගතහැකි ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නේ හරියට අපි එදිනෙදා බාවිතා කරන භාශාවන් වගේම තමයි. නමුත් අපි බාවිතා කරන භාශාවන්ට වඩා වචන මාලාව ඉතාමත් කුඩයි. ඉතිං C++ කියන්නේ මේ පරිඝණක ක්‍රම ලේඛන භාශා වලින් එකක් විතරයි. මං හිතන්නේ ජනප්‍රියම එක තමයි C++.

ඔබ ලියන ලද පරිඝණක ක්‍රම ලේඛනයක් ඒ ආකාරයෙන්ම තියාගෙන පරිඝණකයේ ක්‍රියාත්මක කරන්න බෑ. ඔබට අවශ්‍ය කරනවා එම ක්‍රම ලේඛනය ක්‍රියා කළ හැකි ආකාරයට සකස් කර ගැනීමක් කරන්න. ඒ සඳහා executing program එකක් අවශ්‍ය වෙනවා. ඒ ගැන අපි ඉදිරියට කතා කරමු.
දැනට ලෝකයේ ගොඩක් ක්‍රමලේඛන භාශාවන් තියනව ඒ හැම එකකටම එකින් එකට වෙනස් වූ වචන මාලාවනුත් තියනව. හැබැයි ඔයා එකක් හරි හරියට ඉගන ගත්තෝත් ඊලඟ එක ඉගන ගන්න එක බොහොම ලේසියි.

C සහ C++ අතර වෙනසක් තියනවද?

ඔවු. C කියන්නෙත් programming language එකක් තමයි. ඒක මුලින්ම බාවිතා කරේ Unix කියන මෙහෙයුම් පද්දතිය නිර්මාණය කිරීම සඳහායි. C ගොඩක්ම පහල මට්ටමේ වගේම ප්‍රබල ක්‍රමලේඛන භාශාවක්. නමුත් අඩුපාඩු නැතුවම නෙමෙයි. C++ කියන්නේ C වලට වඩා ගොඩක් අලුත් භාශාවක් C මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච. ඒ වගේම C++ වල තියනව C වලට වඩා ගොඩක් හොඳ හැකියාවන් program එකක් develop කරන්න උදවු වෙන සහ C වලට වඩා C++ වලින් program එකක් develop කරන එක ගොඩක්ම ලේසියි.

ඒ වගේම programming ඉගන ගන්න කෙනෙක්ට මම විශ්වාසයෙන් කියනව C වලට වඩා C++ වලින් පටන් ගන්න එක තමයි හොඳම.

මම C++ ඉගන ගන්න C දැනගන ඉන්න ඕනෙද?

පැහැදිලිවම නෑ. ඔයාට C වලින් කරන්න පුලුවන් ඔනම දෙයක් C++ වලිනුත් කරන්න පුලුවන්. ඔයා C දන්නවා නම්, ඔයාට ලේසියෙන්ම C++ වල නව හැකියාවන් වලට අනුවර්තණය වෙන්න පුලුවන්. ඔයා C දන්නේ නැත්නම්, ගැටලුවක් නෑ මොකද කිසිම වාසියක් නෑ ඔයා C දැනගන ඉන්න එකේ C++ ඉගන ගන්න කලින්.

Programming ඉගන ගන්න ගනන් කාරයෙක් වෙන්න ඕනෙද?

බොහෝ විට නෑ. Programming කියන්නේ ගොඩක් දුරට නිර්මාණකරණය හා තර්කානුකූලව සිතිමේ හැකියාව මත පදනම් වෙන දෙයක්. නැතුව අංක ගණිතය හා බැඳිච්ච දෙයක් නෙමේ. ඒ කියන්නේ වීජ ගණිතය වගේ දේවල් ගැඹුරින් දැන ගැනීමේ අවශ්‍ය තාවයක් නෑ. Programming සහ ගණිතයේ සම්බන්දය වෙන්නේ මේ තර්ක ගොඩනැගීම සහ ඉතා නිවැරදි පිලිතුරු ලබා ගැනීම යන කරුණු වලදියි. ඔයාට ඕනෙනම් Programming වලින් සංඛ්‍යාන විශ්ලේෂණය වගේ දේවල් සඳහා විශේෂ සංඛ්‍යාත්මක Program නිර්මාණය කරන්න අන්න එතනදී ගණිතයේ දැනුම වැදගත් වෙනව. එහෙම නැතුව ගණිකයේ විශේෂ හැකියාවක් අවශ්‍ය වෙන්නේ නෑ Programming සඳහා.


Programming

Programming එහෙම නැත්නම් ක්‍රමලේඛනය කියන්නේ විධාන ලිවීමේ කලාවක් එනම් පරිඝණක වලට එම විධාන තේරුම් ගෙන ක්‍රියාත්මක කළ හැකි ආකාරයට. එවැනි විධාන සමූහයකට source code(ප්‍රබව කේතය) එකක් කියල ක්යනව. ඉතින් මේ ප්‍රබව කේතය තමයි programmer කෙනෙක් විසින් ලියන්නේ.

Executable

Programming කියන ක්‍රියාවලිය අවසානයේ අපිට ලැබෙන Output එක තමයි මේ Executable file එකක් කියල කියන්නෙ. මේ executable කියන්නේ ඔයාගේ පරිඝණකයේ ක්‍රියාත්මක කළ හැකි file එකකට උදාහරනයක් විදිහට Windows පරිඝණකයකනම් අපි දන්නව බොහෝ විට .exe කියන Format එකෙන් තියන file එකක් තමයි අපිට ක්‍රියාත්මක කළ හැකි වෙන්නේ. programmer කෙනෙක් ලියන මේ source code එක පරිඝණකයේ ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒක Executable file එකක් බවට පත්කර ගන්න තුරු. මේ සඳහා අපිට වෙනත් Program එකක උදවු ඕන වෙනව ඒ තමයි Compiler කියන Program එක. ඉතිං මේ Compiler එකක් නැතුව කොහෙත්ම source code එකක් පරිඝණකයේ ක්‍රියාත්මක කළ හැකි Executable file එකක් බවට පත් කරන්න බෑ. තව දෙයක් තමයි මේ Compiler එකකින් කරන්නේ source code එකක් කෙලින්ම Executable file එකක් බවට පරිවර්තණය කිරීමක් නෙමෙයි, source code එකේ ඇතුලත් වන විධානයන් අනුගමනය කරමින් වෙනමම Executable file එක නිර්මාණය කිරීමයි. කිසි විටක Executable file එකෙන් නැවත source code එකක් එලියට ගන්න බෑ.

හොඳයි අපි ඊලඟ පාඩමෙන් බලමු කොහොමද windows සඳහා programming පසුබිම සකසා ගන්නේ කියල.

Post a Comment

  1. ගොඩක් හොඳයි මේ වගේ දෙයක් ලියන එක. මම ඔබේ ලිපිය බලලා සමහර තැන්වලදී අදහස් ප්‍රකාශ කරන්න තිබුනා. ඒත් උපුටා ගැනීම් පෙන්වන්න විදිහක් නෑනෙ.

    අනිත් කාරණාව වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. ඒක කරදරයක්.

    ReplyDelete

 
Top